Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
24
1976 දී රෝසාට ඔලිම්පික් පදක්කමක් අහිමි කළ අවාසනාවන්ත කතාව...

- 1976 දී රෝසාට ඔලිම්පික් පදක්කමක් අහිමි කළ අවාසනාවන්ත කතාව...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,604 Views

ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් 2 තියෙනවා. 1948 දී ඩන්කන් වයිට් සහ 2000 දී සුසන්තිකා ජයසිංහ.

නමුත් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කම් 3ක් දිනා ගැනීමට අවස්ථාව තිබුණා. හැබැයි 1ක් එක්තරා නිලධාරියෙක්ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවට අහිමි උනා. මේ කියන්න යන්නේ ඒ කතාව...

1976 මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගී වෙද්දී මේ තරඟාවලියේ හිටපු ප්‍රධානතම පදක්කම බලාපොරොත්තු වූයේ එස්.එල්.බී. රෝසා ය.

තරගාවලියේ ඔහු තරඟ වැදීමට නියමිතව තිබුණේ මැරතන් තරඟ ඉසව්වටයි. 1976 වන විට එස්.එල්.බී. රෝසා තම ක්‍රීඩා ජීවිතයේ ස්වර්ණමය යුගයේ (හොඳම පීක් එකේ) සිටියේ.

රෝසා ඒ වන විටත් ලෝක ශූරතා මැරතන් තරගයේ 15 වැනි ස්ථානය දිනාගෙන තිබුණේ. ඔහු බොස්ටන් මැරතන් තරඟයේදී සිව්වන ස්ථානය දිනාගෙන තිබූ අතර, මීටර් 5000 සහ 10000 ඉසව් දෙකෙන්ම ආසියානු රන් පදක්කම් දිනාගෙන තිබ්බා.

වර්ණභේදවාදය හේතුවෙන් දකුණු අප්‍රිකාව සංචාරයකට ගිය නවසීලන්තය තහනම් කිරීම සැලකිල්ලට ගනිමින්, අප්‍රිකානු රටවල් 29ක් 1976 ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරනවා.

ඒවගේම තායිවානයත් ඔලිම්පික් වර්ජනය කළා. මේ විදිහට බොහෝ රටවල් වර්ජනය කිරීම හේතුවෙන් රෝසාට පදක්කමක් දිනා ගැනීමේ විශාල අවස්ථාවක් විවර වුණා.

අප්‍රිකානු රටවල් සාමාන්‍යයෙන් මැරතන් තරගවල ආධිපත්‍යය දරා සිටි බැවින්, ඔවුන් 29 දෙනෙකු සහභාගී නොවූ විට රෝසාට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට තිබූ ඉඩකඩ දෙගුණ තෙගුණ වුණා.

මොන්ට්‍රියල් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට එක දවසක් තිබියදී, ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව නිවේදනය කළේ ශ්‍රී ලංකාව ඔලිම්පික් තරඟාවලියට සහභාගී නොවන බවයි.

නමුත් මෙම වර්ජනයට කිසිදු නිල හේතුවක් තිබ්බෙ නැහැ. පසුව එස්.එල්.බී. රෝසා සඳහන් කළේ, එවකට ඔලිම්පික් කමිටු සභාපති ෂර්ලි ඉලේසි ඔහු සමඟ පෞද්ගලික අමනාපයක් තබාගෙන සිටි බැවින් රෝසා පදක්කමක් දිනා ගැනීමට ඇති අකමැත්ත නිසා, එම නිලධාරියා ශ්‍රී ලංකාව 1976 ඔලිම්පික් තරගාවලිය වර්ජනය කිරීමට හේතු වූ බවට රෝසා චෝදනා කළා.

ශ්‍රී ලංකාවේ ධජය සමාරම්භක උළෙලට රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර තිබියදී තමයි මෙම සිදුවීම වෙන්නේ. ෂර්ලි ඉලේසි පෞද්ගලිකව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපියක් ලියමින් දැනුම් දුන්නේ රෝසා තරඟ කළත් ඔහුට ශ්‍රී ලංකා ධජය යටතේ තරඟ කිරීමට අවස්ථාවක් නොමැති බවත්, ඔහුගේ තරග වැඩපිළිවෙල පිළිබඳව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව කිසිදු වගකීමක් නොදරන බවයි.

රෝසා, නැවත ශ්‍රී ලංකාවට පැමිණ, 1976 සැප්තැම්බර් මාසයේදීම බොහොම කලකිරීමෙන් යුතුව මලල ක්‍රීඩාවෙන් සම්පූර්ණයෙන්ම සමුගෙන ඇමරිකාවට පිටත්ව යනවා.

ඉන්පසු ඔහු 2008 වනතෙක් අමෙරිකා එක්සත් ජනපදයේ දිගුදුර ධාවනශූර පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. රෝසාට තිබූ ජාතික වාර්තාව වසර 50ක් ගත වී ඇතත් තවමත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බිඳ දැමීමට නොහැකි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවට හිටපු ලොකු සම්පතක් ශ්‍රී ලංකාවේම හිටපු නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් අහිමි වුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top